CWW කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන ගමනේ මෙම පාසල 1936.10.01 දින ආරම්භ කර ඇත.මුලින්ම T.B ගලගොඩ මාතා හා හා තවත් එක් ගුරුභවතෙකු පැමිණ ආරම්භ කර ඇති මොරකෑව විද්‍යාලය ක්‍රමයෙන් සිසුන් සංඛ්‍යාව වර්ධනය වී ඇත.ආරම්භක වර්ෂ වලදී අපොස සාපෙළ විභාගයට සිසුන් ඉදිරිපත් වී ඇත. දැනට ගොඩනැගිලි 13ක සිසුන් අධ්‍යාපනය ලබන අතර 1 ශ්‍රේණියේ සිට 11 සිසුන් 446 පමණ අධ්‍යාපනය ලබයි.දක්ෂ සිසුන් මෙරටට දායාද කළ අප පාසල් මාතාව රජරට වැව් බැදී රාජ්‍යයේ වැජඹෙමින් සිටි
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 28ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 3කින් සමන්විතය. එක්දහස් පන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "නිපුණතා සපිරි පිරිපුන් දරුවෙකු ලොවට දායාද කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1936.10.01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
T.B ගලගොඩ |
|
පාසලේ ආදි කතෘගේ නම |
|
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මොරකෑව විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
|
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1936.10.01 |
{QF3=5}